top of page


Sinhala Lyrics - සිංහල ගී පද
Anchor 1
හන්තානේ කඳු මුදුන සිසාරා
හන්තානේ කඳු මුදුන සිසාරා
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්...
තුන් මහළින් සැදී සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුණු සතුටු රළ
මිරිගු සයුර විණි අතීතයේ...
පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත් තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිඳිණු ඇසේ...
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සහ ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


bottom of page