top of page

GALLERY

සිනහ කෝ දැන් හීනයේ

 

සිනහ කෝ දැන් හීනයේ

ගං තෙරේ මා පාළුවේ

සොයා එන්නේදෝ

මුළු ජීවිතේ . . .

 

තනිව හඬනා පෙම් හීනයේ

සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . .

 

විහඟ ගීවැල් රැව් දිදී

දවයි මා මේ තනිකමේ

සොයා එන්නේදෝ

මුළු ජීවිතේ . . .

 

හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ

සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . .

 

පැතුම මාගේ තුන්හිතේ

මා ඔබේ මා හීනයේ

සොයා එන්නේදෝ

මුළු ජීවිතේ . . .

 

අවදි කරව මතකය ඔබේ

කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . .

තනිව හඬනා පෙම් හීනයේ

සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .

බලා ඉන්නම්

 

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං

එදා කී කතා සිත පතුලේ තියා //

 

ඔබ හැර ගිය පෙම්බර හිත

තනියෙන් ඉකි බින්දා

හද මඩලේ ඔය රුව මා

ගෙත්තම් කෙරුවා //

ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා

ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

 

ලා ඉන්නම් .........

 

මගෙමයි කියු දිගු දෙනයන

අද මට හිමි නැතුවා

මුළු ලොව මට ලැබුනත් මදි

ඔබ නැති හින්දා //

ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියාඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

 

බලා ඉන්නම් ........

hi
bottom of page