top of page

Sinhala Lyrics - සිංහල ගී පද








ඔබ තරම් - Theekshana Anurdha
ඔබතරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
මේ තරම් ආදරේ මේ තරම් ආදරේ
රැය පුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා
ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තව කෙකු හට හිත දී ඇති නම්
සුභපලතා ඈතට වෙන්නම්
තනි වෙලා මා ලොවේ
හිරුනොනගින මේ වසන්තේ
දිවිතුර විඳවමී
අහිමි කරන මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තව කෙකු හට හිත දී ඇති නම්
සුභ පතලා ඈතට වෙන්නම්
ඔබ තරම්.......................
Hitha Handana Welawe - හිත හඩනා වෙලාවේ
හිත හඩනා වෙලාවේනුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ
තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ
හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි සිහිනයේ
ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ හගවන්නද ආදරේ
හිත හඩනා වෙලාවේනුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුන්චි කුමරියේ
කියන් මගේ පුන්චි කුමරියේ
Artist : Shihan Mihiranga
ඉඩෝරයේ නගර කොනේ
ඉඩෝරයේ නගර කොනේ අයිපල් සීමාවේ
ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් අරන්
ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
මායවී පායාවී පමාවී
මායවී පායාවී පමාවී
ප්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගෙ කර පිටින්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
බලා නොයින් තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ..............
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේත වර්ණ කරලියේ ඉඳන්
ඉඩෝරයේ නගර කොනේ............//
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
කදුළු පිරිලා දෙනෙත තෙමිලාසිනිදු හිත පැරිලා
ඔබම සොයලාරැයම ගෙවිලා සිහින අවතැන් වෙලා...
හමුවන්න බෑ ඔයා සැගවි මෙදා...
තනිවන්න බෑ මගෙ හුස්මත් ඔයා...
කදුළු පිරිලා...
රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිවුවේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා...
කදුළු පිරිලා...
යලි නො ඵන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනහිලා
තාමත් අතීතේ මා නැවතිලා...
කදුළු පිරිලා...


bottom of page